. ඔබ අප ලංකා සතොස ආයතනයේ සේවය කරනවා පන කඩාගෙන වැඩ කරනව ලංකාවේ සහ ලෝකයේ ආයතනවල වැඩකරන සේවකයන්ගෙන් වැඩගන්න පුලුවන් විදියක් තියෙනවා. ඒ වගේම සේවකයන් වන අපට සේවක අහිතිවාසිකම් කියල දෙයක් තියෙනවා මේවගැන අපි දැනුවත් වෙමු මේ ලිපි කියවන්න සහෝදර ආයතන වල සේවකයන් කරන අරගල දිහා බලන්න බලන්න ඔවුන් අපට වඩා කොපමණ ඉදිරියෙන් ඉන්නවාද කියා.හිතන්න ලංකා සතොස සේවකයන් වශයෙන් අපි ඉන්නේ කොතනද කියල.
. ලංකා සතොස රජයේ ආයතනයක් කියා එක වෙලාවකට අඟවනව තව වෙලාවකට අර්ධ රාජ්ය ආයතනයක් කියා අඟවනව අන්තිමට පෞද්ගලික අන්ශයේ ආයතනයක තරම්වත් සේවක රැකවරනයක්වත් සේවක අහිතිවාසිකම්වත් පහසුකම්වත් අපට නැහැ නේද,?
. පෞද්ගලික අන්ශයේ සුපිරි වෙලඳ සැල් වලට වඩා අපට පඩියක් තියෙනව.ඒ ඇරෙන්න පෞද්ගලික අන්ශයේ ආයතන වලටත් එහාගිය මර්ධනයක් පීඩනයක් අපේ ආයතනයෙ අලෙවිසැල් සේවකයන්ට තියෙනව නේද අපට අනුමත නිවාඩු තීනව ඒත් ගන්න බෑ හදිස්සියකට දවසට පැය දහයක් වැඩ ගන්නව ඒ කරලත් යන්න බෑ තව පැය දෙකක් වැඩකරන්න වෙනව ශෝට්ලිව් තියෙනව ගන්න බෑ ඒ වගේම අපිට අලෙවිසැල් ඇතුලෙ තනතුර අනුව කරන්න තියෙන රාජකාරිය නිශ්චිත නෑ සේවකයො නෑ අරක මේක කියල හැම වැඩක්ම අපෙන් ගන්නවා අලෙවිසැල් ඇතුලෙ කිසිම සාධාරණ පරිපාලන ක්රමවේදයක් තියෙනවද ශොප් ලීඩර් ඒකාධිපතියෙක් වගේ කියන හැමදේටම අපට එකඟ වෙන්න වෙනව එහෙම නොවුනොත් වෙනවිදියකින් හරි අපෙන් පලිගන්න ඔහුට හෝ ඇයට පුලුවන් අලෙවිසැල් ඇතුලෙ පරිපාලනය සිඳුවෙන්නෙ ආයතනයේ නීතිරීති අනුව නෙමෙයි නීති රීති චක්රලේඛ ආදිය කොතෙකුත් ලංකා සතොසෙ තිබුනත් ඒව එකක්වත් ක්රියාත්මක වෙන්නෙ නැහැ .ඒ කියන්නෙ ලංකා සතොස පාලනාධිකාරය විසින්ම අලෙවිසල් කලමණාකරැවන්ට ඕන ඕන විදියන මොනක්රමයෙන් හරි ලමයින්ගෙන් අවශ්යවැඩ කරගැනීම පමනයි බලාපොරොත්තු වෙන්නේ එතනදි අලෙවිසැල් ඇතුලෙ ලමයින්ගෙ තනතුරැවල හැටියට ශොප් ලීඩර් වැඩ පවරනවද නැද්ද හෙඩ් ඔෆිස් එකට වැඩක් නැහැ.මේව හරිනම් ලංකා සතොසෙ සේවකයන්ට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න දෙයක්නෑනෙ.මොකද ශොප් ඇතුලෙ ශොප් ලීඩර්ගෙන් ලමයකුට මොන විදියෙ අසාධාරනයක් උනත් ප්රාදේශීය කලමණාකරැට කියල වැඩක් නැහැ මොකද ඔහු කෙලින්ම ගන්නෙ ශොප් ලීඩර්ගෙ පැත්ත ඊට පස්සෙ ඒක ගැන කියන්න අපට යන්න වෙනව හෙඩ් ඔෆිස් එකට එතනට ගියාට සතපහක වැඩක් වෙන්නෙ නැහැනෙ එතන මීහරකෙක් ඉන්නව පසන් කියල ඌට ප්රශ්නයක් කිව්වහම කෙලින්ම අහන්නෙ ආර් එම්ගෙන් එතකොට මොකද වෙන්නෙ ශොප් එකට ආයිත් ගියාම හිටපු විදියටවත් ඉන්න නෑ...එහෙම නේද?නැත්නම් රවට්ටල එවනව එහෙම නැත්නම් එයාලගෙ එකම පිලිතුර මාරැකරන එක ඒක හරියට ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් අලුත් ශොප් එකකට ගියාම හිටපු ශොප් එකේ එස් එම් අපි යන්න කලින් කෝල් කරල අපේ පැටිකිරිය කියල ඉවරයි.ඔන්න ඕකයි සතොසෙ ක්රමේ මේ ආයතනයෙ ඉන්නවනම් වෙන ඕන දෙයක් ඉවසගෙන කරබාගෙන හිටියොත් ඉන්න පුලුවන් ...ඇයි මේ අපේ නිවටකම නිසාමයි මෙහෙම වෙල තියෙන්නෙ ලංකා සතොස මානව සම්පත් හා පරිපාලන අන්ශයෙ අදහසත් ඒකයි උඹල ඉන්නව නම් හිටපල්ල බැරිනම් පලයල්ල ඔයටික කලින් හිටපු ප්රියාල් මහත්තයයි මිසිස් විජේතිලක අත්තම්මයි කෙලින්ම කිව්ව දැන් ඉන්නඋන්ගෙ අදහසත් ඒකමයි ඒක තමයි නොකිය කියන්නෙ එක්කො මානවසම්පත් හා පරිපාලන අන්ශයට මේ ඉන්න පසන්ල උමන්ගල වගෙ සමයන් එලවල දාල පිරිස් පරිපාලනය ආයතන පරිපාලනය සම්බන්ධ අත්දැකීම් ඇති ප්රවීන නිලධාරියෙක් දාන්න ඕන එහෙම මේකෙ පරිපාලනය නිවරදිකරන පිලිවෙලක් හදන්න දැන් ඉන්න සභාපතිතුමාටවත් කිසිම උවමනාවක් නැතිබව තමයි පේන්නෙ සභාපතිතුමා ලංකා සතොසෙ පිරිස් පාලනය පරිපාලනය සම්බන්ධයෙන් අබමල් රේනුවක තරම්වත් අවධානය යොමුකරන බවක් පේන්න නැහැ එහෙම නේද රත්තරන් සහෝදර සහෝදරියනේ අපි ගොඩක් බලාපොරොත්තු සහගතව හිටිය මේ සභාපතිතුමා මේ ආයතන පද්ධතියෙ පරිපාලනය සම්බන්ධව අවධානය යොමුකරල පිලිවෙලක් කරයි කියල එහෙම වෙන පාටක්වත් නැහැනේ ..මොකද මෙතුමා ඇවිල්ල තියෙන්නෙ දේශපාලනයෙන් නෙවී උගත්කමෙන්ය කියනවනේ එතුමත් අපිගැන ඇහැක් ඇරල බලන්නෑ සභාපති තුමෝ ඔබතුමා ලංකා සතොසට ඇවිල්ලත් දැන් මාස ගණනක් වෙනව ඔබතුමා දන්නවද මේකෙ උසස් කිරීම් මාරැකිරීම් විනය පරීක්ෂණ විතරක් නෙවී අලෙවිසැල් පාලනය වෙන ක්රමවේදය මෙලෝරහක් නැහැ කියල කොටින්ම කියනවනම් ඒවට ක්රමවේදයක් කියල එකක්වත් නැහැ.බොරැවට ප්රින්ට් කරපු එක්රලේඛ කියල කොලකෑලි ටිකක් තීනව ඒ උනාට වැඩ සිද්දවෙන්නෙ එක එක්කෙනාට ඕන විදිහටයි.
. ඉතින් රත්තරන් සහෝදර සහෝදරියනේ මේ කාටවත් මේවගැන අවධානය යොමුකරන්න බැරිනම් අපට වෙනව විකල්ප හොයන්න ඉතින් අපට තියෙන එකම විකල්පය තමයි අපි එකතුවෙලා ලංකා සතොසෙ නිශ්චිත පරිපාලන ක්රමවේදයක් හදාගන්න සටන් කරමු අරගල කරමු අඩුතරමින් ලංකා සතොසෙ අලෙවිසැල්වල පහලම තනතුරැවන කම්කරැ ,ගබඩා සහායක,වෙලඳ සහායක,විවිධ කාර්ය සහායක,ජේයෂ්ඨ වෙලඳ සහායක තනතුරැ වලට අදාල රාජකාරි අඩන්ගු රාජකාරි ලැයිස්තුවක් ලංකා සතොසෙ හදවගන්න මූලික අරමුණ කරගමු ඊලඟට උසස් වීම්,මාරැකිරීම්,විනය පරීක්ෂණ සහ අලෙවිසැල් පාලනය සඳහා යම්කිසි පරිපාලන විධියක් නිශ්චිත පරිපාලන නීතියක් ක්රමවේදයක් හදවගන්න බලමු.මේ එකකවත් කිසිම පලිවෙලක් තියෙනවද බලන්න අපේ ආයේනයෙ මේ ලිපිය කියවන්න කියවල ඒ ගැන අවභෝධයක් ගන්න බලමු........
ජයවේවා!!!!!
"ලංකා සතොස සුරකිමු "